පසුගිය සතිය පුරා උච්ඡාවචනයට ලක්වූ එළවළු මිල ගණන් අද සටහන් වන්නේ කෙසේදැයි සොයා බැලීමකදී

අනාවරණ වූයේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බොහෝ එළවළු වර්ගවල අද දිනයේ තොග මිල ඉකුත් දින කිහිපයකට සාපේක්ෂව සැලකිය යුතු අයුරින් පහළ ගොස් ඇති බවයි.

ඉකුත් දිනවල රුපියල් 2500 ක පමණ මුදලකට අලෙවි වූ කැරට් කිලෝවක තොග මිල අද දැක්වුණේ රුපියල් 500 ත් 600 ත් අතර මිලක් යටතේය.

තවත් එළවළු වර්ග කිහිපයකම මිල ගණන් ඉකුත් දිනවලට සාපේක්ෂව පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ 'නෙත් නිවුස්' වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසිය.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු, කම්කරු කුලී ඇතුළු වියදම් දැරීමට සිදුවීම හේතුවෙන් සිල්ලර වෙළඳපලට පැමිණීමේදී එළවළු මිල ගණන් සැලකිය යුතු ඉහළ යන බවයි වෙලඳුන් පවසන්නේ.

'නෙත් නිවුස්' වාර්තාකරු ඒ සම්බන්ධයෙන් ද සොයා බැලීමක් සිදුකර තිබිණ.

 

 

(nethnews.lk -කාංචන කුමාර ආරියදාස)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්