රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ගැමුණු විජේරත්න පැවසීය.

ත්‍රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.


''කොළඹ සීසීටීවී කැමරා පද්ධතියෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නැහැ ''


කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිලිවල අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය අනුව කොළඹ නගරයට ඇතුළු වන රියදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර කොළඹින් පිටව ගියද සීසීටීවී මගින් පරීක්ෂා කර එම රියදුරා වෙසෙන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා ඔහුගේ නිවසට ඒ බව දැනුම් දෙනු ලබයි.

 අනතුරුව අදාළ මාර්ග නීති උල්ලංඝණය කිරීම සිදුකර ඇත්තේ එම රියදුරා විසින් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් ඔහුට දඩ පත්‍රිකාවක් නිකුත් කරන බව පොලීසිය පවසයි. යම් හෙයකින් හිමිකරුගේ රථවාහනයක් වෙනත් පාර්ශවයක් විසින් භාවිත කර මාර්ග නීතියක් උල්ලංඝණය කර ඇත්නම් ඊට අදාළ දඩ පැනවීම සිදුකරන්නේ රථයේ හිමිකරුට නොව රිය ධාවනය කළ පුද්ගලයාට බව ද පොලීසිය පැහැදිළි කළේය.


කොළඹ නගරයේ සවිකර ඇති සි සී ටී වී කැමරා පද්ධති හරහා නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බව ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසිය.


මේ, එම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙසේද පැවසිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්