අතීතයේ සිදුවු ප්‍රශ්න හා වේදනා අනාතය වෙනුවෙන් අමතක කර අලුතෙන් ජීවිත ගොඩනඟා ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා තිබේ.


ගැටුම් පැවති අවස්ථාවලදී තමන් ද ඒවාට මැදිව වෛරයෙන් කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා දරුවන් වෙනුවෙන් අතීත ප්‍රශ්න අමතක කළ යුතු යැයි කියා සිටියේය.

“අපිටත් කාලයක් තිබුණා යුද ගැටුම් නිසා මිනිස්සු මියගිය අතුරුදහන් වෙච්ච ගම් වලින් පලවා හැරපු යුගයක්. මේ මමත් ඒ ගැටුම් වලට මැදිහත් වුණා. ඒ අවස්ථාවේදී අපි කෝපයෙන් වෛරයෙන් ක්‍රියා කළා. දැන් අපි මෙතනින් ඉස්සරහට යන්න නම් ඒ අතීතයේ ජීවත් වෙලා හරියන්නෑ. අතීතයේ වෙච්ච වේදනාවන් වලට කෝපයට පත් වෙච්ච ඒවට අනාථ වීම් වලට, ඝාතන වලට ඒවා ගැන අපි කල්පනා කර කර ඉඳලා දැන් හරියන් නෑ.”

සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස අතීත සිදුවීම අමතක කර ඒවාට සමාව දී ඉදිරිය බලා යා යුතු යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනවාරි 20 වැනිදා පැවති එක්සත් ජනරජ පෙරමුණේ නැගෙනහිර පළාත්, මඩකලපු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තරුණ බල ගැන්විය යුතු බව පෙන්වා දෙන චමිපික රණවක මන්ත්‍රීවරයා කුසලතා පූර්ණ තරුණ පරපුරකට රට බරදිය යුතු බවට ද මෙහිදී යෝජනා කර ඇත.

“තාත්තලගෙන් පුත්තුන්ට එහෙම නැත්නම් අම්මලාගෙන් දූවරුන්ට එහෙම නැත්නම් අයතා ක්‍රමයට සල්ලි හොයා ගත්ත අයගේ සල්ලි බලයට දේශපාලනය යට කරන්නැතුව අපි කුසලතා පූර්ණ තරුණ පරපුරකට රට බරදෙමු කියන එකයි.”

තම පක්ෂය තුළ ධනවාදය හෝ සමාජවාදය නැතැයි පවසන මන්ත්‍රීවරයා කුසලතාවාදයට පමණක් තම පක්ෂය තුළ ඇති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත් භාවයෙන් මිදීම සඳහා රටක් වශයෙන් උතුර - දකුණ, නැගෙනහිර - බස්නාහිර වශයන් බෙදීමට ලක් නොවී එකම අරමුණක් යටතේ එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

pcr 1pcr 2WhatsApp Image 2024 01 22 at 8.17.13 AM


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්