සෙසු පක්ෂවල පුද්ගලයන් මෙන් IMF නියෝජිතයන් හමුවීමට ගොස් සැගවී නොසිට තම රජයක් යටතේ වත්මන් ගිවිසුම සංශෝධනය කරන බවට

ඔවුන් හමුවේ කියා සිටි බව විපක්ෂ නායකවරයා පවසනවා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරිමට කැමති බවත් එහි දී රටට ගැලපෙන විසදුමක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවට සෘජුව එහි නියෝජිතයන්ට දැනුම් දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනවාරි 21 වැනිදා සක්වල වැඩසටහනේ 71 වැනි අදියර යටතේ පොල්ගහවෙල ඉර්ෆාක් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩිසටහනකට එක්වෙමින් කියා සිටියේය.

ලබන වසරේ සිට ගෙන ඒමට නියමිත දේපල බද්ද ගෙන ඒමට පෙර වැට් බද්ද ගෙන එන ලැබුවේ රජය විසින් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන නිසා බවත් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ මානුෂීය ධනවාදය බව ද සජිත් ප්‍රේමදාස එහිදී ගුරුවරුන් හා පාසල් දරුවන් හමුවේ කියා සිටියේය. 


රටේ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව ලක්ෂ 70ක්


මෙරට දරිද්‍රතාවයෙන් පෙලෙන සංඛ්‍යාව ලක්ෂ 70ක් දක්වා ඉහල ගොස් ඇති බව පවසන විපක්ෂ නායකවරයා, එය ජනගහනයෙන් 1/3 ක් බව සඳහන් කළේය.

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව නිවාසවල ආදායම 60% කින් අඩුවී වියදම 90% දක්වා වැඩි වී ඇති තත්වයක් උදා වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

බීබීසී නාලිකාව මෙරට ආහාර මිල ගැන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ආහාරවල සිල්ලර මිල සාමාන්‍යයක් ලෙස ගත හොත් අත්‍යාවශ්‍ය ආහාරපානවල මිල 46%කින් වැඩි වී ඇති බව ද සජබ නායකයා කියා සිටියේය.

රටේ ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් දුප්පතුන් බැවින් එම දුප්පතුන් සවිබල ගැන්වීමට යමක් දීම වරදක් නොවන බවත් එසේ භාණ්ඩ ලබා දෙන විට එය විවේචනය කරන්නේ වැඩ බැරි පුද්ගලයන් වුවත් සමගි ජන බලවේගය කයිවාරුවෙන් තොරව වැඩ පෙන්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

 

sajith 1

sajith 2
sajith 3



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්