පක්ෂ අරමුදල පිහිටුවාගෙන ජනතා විමුක්ති පෙරමුණ බදු ගෙවීම පැහැර හරිමින් සුඛෝපභෝගි ජිවිතයක් ගත කරන බවට මව්බිම ජනතා පක්ෂයේ නායකයා චෝදනා කර තිබේ.


මෙරට සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් පරීක්ෂාවට ලක් කර එම දේශපාලන පක්ෂ ආදායම් බදුවලට යටත් කළ යුතු බව ජනවාරි 21 මවිබිම ජනතා පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂ නායක දිලිත් ජයවීර කියා සිටියේය.

“පක්ෂ අරමුදලවල් පිහිටවගෙන ජනතා විමුක්ති පෙරමුණ කියන බෝඩ් ලෑල්ල ගහගෙන ලංකා රජයට බදු ගෙවන්නේ නැතුව කොහොමද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ කියලා, ඥාති සම්බන්ධකම් පවත්වන්නේ වාහන පාවිච්චි කරන්නේ කොහොමද කියල ප්‍රශ්න කරන්න ඕන. 

දූෂණය දූෂණය කිව්වට කවුද දූෂිතය කියලා හොයාගන්න බැරි තරමට මේ දූෂිතයින් දුෂණය වෙලා. මේ රටේ තියෙන දේශපාලන පක්ෂ හා පක්ෂ අරමුදල් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ  අනිවාර්යයෙන් ම බදු ගෙවන්න ඕන. ඒ ආදායම් බදු වලට අයත් වෙන්න ඕන ඒකයි අද අවශ්‍ය.” යැයි ඔහු පැවසීය.

හොරු අල්ලන්න කතා කරන සියලු දෙනා හොරු

හොරු අල්ලනවා කියන සියලු දෙනා හොරුන් බව පවසන මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීර හොරු අල්ලනවා යැයි කියන පක්ෂය මුලින්ම කළ යුත්තේ පක්ෂ අභ්‍යන්තරේ හොරුන් අල්ලා ගැනීම බව අවධාරණ කළේය.

“මම කියන්නට ඕනේ අපේ රටේ ඔය අල්ලනවා කියලා කියන සියලු දෙනා හොරු. ඔය හොරු අල්ලනවා කියල කියන පක්ෂයේ අනිත් හොරු අල්ලන්න ඉස්සරලා ඇතුලේ ඉන්න හොරුන් අල්ලන්න ඕන. තමන්ගෙ බෙල්ලෙන් අල්ලගන්න ඕන. ඔය පක්ෂය ඇතුලේ ඕන තරම් හොරු ඉන්නවා.”

ඔවුන් දුෂිතයන් ඉවත් කිරීමට අවශ්‍ය බව කියමින් එම පිරිස් සමග එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුව තුළ සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

“දූෂිතයන් අල්ලන්න ඕන කියන පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දශක ගණනක් නිහඬ එකඟතාවයක් දක්වපු හොර නඩයක් කියන එක අපි කියන්ඩ ඕන. අද අපි ප්‍රශ්න කරන්න ඕන ඔය කියන පක්ෂයේ නායකයත් පත් කරන කමිටුවල ඉඳගෙන වෘත්තීය සමිති මෙහෙයවමින් සුඛෝපභෝගී ජීවන රටාව කොහොමද සාධාරණීකරණ කරණය කරන්නේ කියලා.” යැයි මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීර වැඩිදුරටත් කියා සිටියේය.

dili bh2

dili bh 2 dili bh 3


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්