ශ්‍රී ලංකාවේ තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය සිකුරාදා කොළඹ

ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් ජා ගේ ආරාධනයෙන් පවත්වන ලද මෙම හමුවේ දී, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL – UDI)  ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

සාර්ථක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL – UDI) පද්ධතියක් මඟින් රාජ්‍ය සේවා විධිමත් කිරීමට, මූල්‍ය වංචා අවම කිරීමට සහ ජාතික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

kanaka 1 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්