2022 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදුකෙරුණ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ

සඟරාව (Sri Lanka Journal of Health Research) එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කර තිබේ.

සෞඛ්‍ය සේවාවේ උන්නතියට මෙම ප්‍රකාශණයේ තොරතුරු ඉතා වැදගත් වනවා මෙන්ම ක්ෂේත්‍රයේ විද්වත් මණ්ඩලයක සහ ප්‍රවීණයින්ගේ නිර්දේශ මත වෛද්‍ය ආචාරධර්ම හා විද්‍යාත්මක න්‍යායවලට අනුකූලව මෙම සෞඛ්‍ය පර්යේෂණ සඟරාව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මෙම සඟරාවෙහි 2022 වසර තුල වෛද්‍ය, හෙද, සහ පරිපූරක වෛද්‍ය ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදු කරනු ලැබු පර්යේෂණ  තොරතුරු පත්‍රිකා ඇතුලත් වේ.

අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරකට එක්වරක් එළිදක්වනු ලබන මෙම ප්‍රකාශණය ඉදිරියේ දී වසරකට දෙවරක්  එළිදැක්වීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


ඉදිරි වසරවලදී කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කරන බව මෙයට එක්වු සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර ඇති අතර පරිපාලන කටයුතු විධිමත් කිරීමේ සිට රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම දක්වා, කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සත්කාර සැපයීමට බල ගන්වන බව ද පෙන්වා දී ඇත.


මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් සමග සෞඛ්‍ය සේවාව ද ඉදිරියට යා යුතු බවත් වෛද්‍ය විෂයමාලාවට කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික විෂයන් ඇතුලත් කිරීම සහ එමගින් සෞඛ්‍ය සේවාවේ ඉදිරිය තව තවත් ශක්තිමත් කිරීම මෙන්ම  නවක පරපුර තාක්ෂණික යුගයට සැළසුම් සහගතව අවතීර්ණ කිරීමේ ඇති වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ  වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි‌ලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

21001454

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්