පිරිමි ළමයින් අපයෝජනය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කිරීම ඇතුලු සංශෝධන දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිතව ස්ත්‍රී දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීමට මෙන්ම ස්ත්‍රී අපයෝජන සම්බන්ධව නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ජනවාරි 24 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්විමේ දී අනුමැතිය හිමිව තිබේ.
''දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට 2021.01.18 සහ 2021.06.28 යන පැවති අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇත.'' යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව නීති කෙටුම්පත් දෙපාර්තුමේන්තුව විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
එසේ අනුමැතිය ලැබි ඇති පනත් කෙටුම්පත් රජය ගැසට් පත්‍රය පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය මෙසේ සිය අනුමැතිය ලබා දී තිබේ.