රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරයට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින එල්.කේ ජගත් ප්‍රියංකර පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.
ජගත් ප්‍රියංකර ගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පුත්තලම් දිස්ත්‍රික්කයට තරග කර හයවැනියා බවට පත් විය.
එම පක්‍ෂයට මන්ත්‍රී ධුර පහක් හිමිවිණි. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව වූයේ 40527කි. ඒ අනුව ඔහු සනත් නිශාන්ත ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා තේරී පත් වනු ඇත.
ජගත් ප්‍රියංකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 2020 මහ මැතිවරණයට තරග වැදුණේ විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.