බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව
ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) උදෑසන රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.
අපරාධය සිදුකිරීමට යොදාගත් ගිනිඅවි දෙක අපරාධය සිදුකිරීමෙන් පසු මෙම එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.