පසුගිය කාලය පුරාවට ලෝක සහයෝගීතා පදනම හා අබ්දූල් කළාම් අනුස්මරණ සංවිධානය විසින් අහිංසක ගොවි ජනතාව රවටමින් යහමින් මුදල් ගසා කා ඇතැයි වාර්තාවේ.
ගොවීන් හට කෘෂි උපකරණ හා ට්‍රැක්ටර් රථ ලබාදෙන බව පවසමින් මෙසේ මුදල් වංචා කර ඇත්තේ එජාප මන්ත්‍රිනී කේ.එච් උදේනිකා විසින් බවටයි වාර්තා වන්නේ.
ලෝක සහයෝගය සංවිධානයේ විධායක තනතුරක් හා අබ්දූල් කළාම් අනුස්මරණ පදනමේ විධායක ධූරයන් දරමින් ඇය රුපියල් මිලියන 5ක් පමණ මෙලෙස වංචා කර ඇති බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සුමුදු මද්දුමාරච්ච් පවසන්නේ.
පීඩාවට පත් වු ගොවීන් නැවත මුදල් ඉල්ලා සිටින විට තමන් වංචාකාරියක් නොවන බවත් මෙලෙස මුදල් ඉල්ලා කරදර කළහොත් වස පානය කරන බවට තර්ජන කර ඇති බව ද වාර්තා වේ.
එසේ සියදිවි නසා ගන්නා බව පවසන හඬපට කීපයක්ම ලැබී ඇති බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සුමුදු මද්දුමාරච්ච් පවසන්නේ.
අබ්දූල් කළාම පදනමේ නියෝජිතයකු වීම වෙනුවෙන් හැඳුනුම්පතක් සහතිකයක් හා තවත් අබ්දුල් කළාම් ප්‍රචාරක බැනරයක් වෙනුවෙන් යැයි ලබා ගත් මුදල්වලින් කොටසක් ඇතිව තිබෙන ගැටලුකාරි තත්වය හමුවේ අදාල සංවිධාන විසින් පොලොන්නරුවේ ගොවීන්ගෙන් යම් ප්‍රමාණයකට නැවත ලබා දීමට ද කටයුතු කර තිබේ.
අබ්දූල් කළාම් අනුස්මරණ සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා නියෝජිත කරුණාකරන් සිල්වා විසින් ලෝක සහයෝගීතා සංවිධානය හෝ කේ. එච් උදේනිකා සමග කිසිඳු සබඳතාවක් නොමැති බවට පැවසු බව ද සුමුදු මද්දුමාරච්ච් පවසයි.
අදාල චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ SCIB 278/45 යටතේ වංචනික එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා හා අබ්දූල් කළාම් සභාපති කරුණාකරන් සිල්වා යන අයට විරුද්ධව පැමිණිලි ගොනු කර ඇති බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සුමුදු මද්දුමාරච්ච් වැඩිදුරටත් පවසන්නේ.
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.
සංස්කාරක:
විද්‍යුත් ලිපිනය