රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ

ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31 ක් ගොනුකර තිබූ අතර ඒවා පුරා දින 6ක් තිස්සේ විභාගයට ගැනුණි.

අද (පෙබරවාරි 02 වැනිදා) දහවල් එහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව තම රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ඒ.එච්.එම්.ඞී නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image