අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පෙබරවාරි 2 වනදා අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබරවාරි මස 03) නියෝග කරන ලදී.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ (පෙබරවාරි 02 වෙනිදා) පැමිණි අවස්ථාවේදීයි.
ඉන්පසුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් හෙතෙම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය
මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
සබැඳි පුවත්
පැය 10කට අධික කාලයක් ප්‍රකාශ ගැනීමෙන් පසු කෙහෙළිය අත්අඩංගුවට