පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවිය සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරන ලද අභියාචනාධිකරණ

සභාපතිවරයාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බහුතර ඡන්දයෙන් තීන්දු කරන ලද බව වාර්තා වෙයි. 

බුවනෙක අලුවිහාරේ විනිසුරුවරයා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියට අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පත්කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළේය.

මාස ගණනක් තිස්සේ මෙම යෝජනාව වාර කිහිපයක් සලකා බැලූ ව්‍යවස්ථා සභාව මෙයට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වූයේ මෙම නාමයෝජනාව සම්බන්ධයෙන් තීරණයක් නොගත් බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ව්‍යවස්ථා සභාවට ලිපියක් ලියූ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවත් නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතු දැක්විය යුතු බවත් සඳහන් කර තිබිණි.

මෙම ලිපි හුවමාරුවෙන් පසුව පසුගිය අඟහරුවාදා උදෑසන රැස්වූ ව්‍යවස්ථා සභාව මෙම නාමයෝජනාව නැවත සලකා බලා ඇත. එහිදී ව්‍යවස්ථා සභාවේ බෙදීමක් ඇතිවීම නිසා මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදී ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කතානායකවරයා ඡන්දය භාවිත කර නැත. එහෙත් යෝජිත නම අනුමත කරමින් ව්‍යවස්ථා ප්‍රධාන සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළෝය. ඉතිරි පස්දෙනා යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බවට ඡන්දය ප්‍රකාශ කළහ. ඒ අනුව බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙයි.

නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථා සභා සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් හේතු දැක්වීමක් ද කර ඇති බව දැනගන්නට තිබේ. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය විස්තර කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය. එමගින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමට කරනු ලබන ඕනෑම අවහිරයක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවය. ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇති බවද ජනාධිපති කාර්යාල නිවේදනයේ සඳහන්ය.

(deshaya.lk)

සබැඳි පුවත් :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ රූකඩයක් නෙමෙයි - සජිත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාව කඩලා ?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්