මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට යාමේ දී මෙන්ම කතානායකවරයා එය සහතික කිරීම හරහා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට විපක්ෂය චෝදනා කරයි.


සම්මපත වු පනතට කතානායකවරයා සහතිකය ලබා දුන්න ද වත්මන් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් අවධානය යොමු නොකරමින් අනීතිකව කටයුතු කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) පැහැදිලිව සදහන් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිර්දේශ පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු කර නොමැති බව මෙන්ම පනත සම්මත කර ගැනීමට පෙර මේ ගැන සොයා බලන ලෙස කතානායකවරයාට පැවසුවත් ඔහු එයට සවන් නොදී ආණ්ඩුවට ඕනෑ ආකාරයට කටයුතු කළ බවටයි ඔහු චෝදනා කරන්නේ.

විපක්ෂ නායකවරයා පවසන පරිදි සමගි ජන බලවේග නිතිඥ කණ්ඩායමක් හරහා සිදු කරන ලද විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ ස්ථාන 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවයි.

ක්‍රියාත්මක කර නැති නිර්දේශ මොනවාද?

ඒ අනුව 24 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 27 වැනි වගන්තිය) සමග කියවිය යුතු 11 (ඇ) වගන්තිය අනුව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට මාර්ගගත ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා කරුණු විභාග කර බැලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලබාදෙනු ලබන නියෝගයක් අවශ්‍ය බැව් අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබිණි. 

එනමුත් වත්මන් පනත මගින් මහේස්ත්‍රාත් විභාගයකින් තොරව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 13 වගන්තිය අනුව නීතිපතිවරයාගේ සංශෝධනයනට අමතරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 13 වැනි වගන්තියට (පනත් කෙටුම්පතේ 13 වැනි වගන්තියට) තවදුරටත් සංශෝධන ගෙනආ යුතු බවට තීරණයේ 46 සහ 47 පිටු තුළ අධිකරණය විසින් යෝජනා කරන ලද නමුත් එම අතිරේක සංශෝධන හඳුන්වාදී නොමැති බව ද ඔහු පවසයි.

තවද 16 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය) සහ 19 වැනි වගන්තිය තුළ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට බියෙන් ‌තොරව අන්තර්ජාලයේ සැරිසැරීම හා අන්තර් ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂිත පරිසරය බිඳ හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා නිසි පරිදි අනුගත වීමට නම් 16 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවත් 19 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 21 වැනි වගන්තිය) අනුව උක්ත 16 වැනි වගන්තියේදී මෙන්ම මෙහිදිද කැරැල්ලක් ‌හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීමේ චෝදනා මත අන්තර්ජාල පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදුවන බැවින් මෙම 19 වැනි වගන්තියද ඉවත් කළ යුතුවන බවට නිර්දේශ කර ඇති මුත් එම නියෝග රජය අමතක කර ඇත.

එමෙන්ම  20 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය) තීරණයේ 61 පිටුවේ, වගන්තියේ නිදර්ශනය සංශෝධනය කිරීම අධිකරණය නිර්දේශ කර ඇති මුත් රජය තමන්ට අවශ්‍ය ආකාරයට එය සම්මත කර ඇති බවත් ඊට අමතරව විද්‍යුත් තැපෑල, කෙටි පනිවිඩ, පුද්ගලයන් දෙදෙනකු අතර සන්නිවේදන කොන්දේසි සහිතව නිදහස් කිරිම යන වගන්තිය වෙනස් කරන්න අධිකරණය කිව්වත් රජය එය වෙනසකින් තොරව යොමු කර ඇති බව ද විපක්ෂ නායක කියා සිටියේය.

අධිකරණය විසින් සිය තීරණයේ 60 වැනි පිටුව තුළ විමර්ශනයක් සිදුවෙමින් පවත්නා අතරතුර හෙළිදරව් විය හැකි තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා පනත් කෙටුම්පත තුළ විධිවිධාන නොමැති බවට නිරීක්ෂණය කරන ලදුව එවන් වගන්තියක් එක්කළ යුතු බවට යෝජනා කරන ලදී. එහිදී විමර්ශන නිලධාරීන් සිය තොරතුරු සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු බවට පනවන එම නව වගන්තිය තුළ එසේ කටයුතු නොකරන නිලධාරීන් වෙත ලබාදිය යුතු දඬුවම්ද නිශ්චය කරන ලදී. එනමුදු පනත තුළ එවන් නව වගන්තියක් දක්නට නොලැබෙන බවත් 61 පිටුවේ සලකා බලනු ලබන ප්‍රතිපාදනයක් අවශ්‍ය බවට අධිකරණය විසින් නිරීක්ෂණය කරන ලද අතර සුදුසු සංශෝධනයක් යෝජනා කරන ලදී. නමුත් මෙයද කතානායකවරයා සහ රජය මගහැර ඒ ආකාරයෙන්ම අනුමත කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

20, 29(6), 30(1), සහ 31(1) වගන්ති වලින් පළමු වරදකට ලබා දෙන දඩුවමකට පසුව වරදක් කළ පසුත් ලබා දෙන දඩුවම ඊටත් වඩා වැඩි වීම ගැන අධිකරණය මෙය වෙනස් විය යුතු වුවත් වෙනස් කළ යුතු අවස්ථා 9ක් රජය තැකීමකට ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්