අහිමි කරන ලද ස්වෛරීත්වය නැවත ස්ථාපනය කළ හැකි ජාතික නිදහස් සටනක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.


එක්සත් ජනරජ පෙරමුණ බිහි කරන ලද්දේ එම සටන මෙහෙයවීම සඳහා බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

රටේ ජනතාව වර්තමානයේදී ගැටලු රැසකට මුහුණ දී සිටින මුත් ඒ පිළිබඳව අදහස් දැක්වීමක් විනා වත්මන් ක්‍රියාවලිය තුළ එම ගැටලු විසඳීමේ ක්‍රියා මාර්ගයක් නැතැයි පවසන මන්ත්‍රීවරයා, ජනතාවගේ ගැටලු විසඳීම ප්‍රමුඛ කාර්යයක් විය යුතු අවධාරණය කරයි.

“උතුරේ දෙමළ ජනතාව වුවද නැගෙනහිර මුස්ලිම් ජනතාව වුවද ගැටලු වලින් මුදා ගැනීම අතිශය වැදගත්ය. ඒ සඳහා ජාතික නිදහස් සටනක් අලුතින් ඇරඹිය යුතු අතර ඊට දුක් විඳින ජනතාවගේ සහාය අවශ්‍යයි,” යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අතුරුගිරියේ ඊයේ (03) පැවති ජන හමුවේදී කියා සිටියේය.

වංචාව සහ දූෂණය නතර කරමින් නිවැරදි කළමනාකරණයක් මගින් ජනතාවගේ ගැටලු විසඳීමේ නව නිදහස් සටන ඇරඹීමට තම පක්ෂය සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කර ඇත.

pcr 3


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්