වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක්  දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය

වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර  වාර්තා වූයේ 450ක පමණ සංඛ්‍යාවක් බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා, ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.

ලෙඩ රෝග වලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ )

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්