බාල බෙහෙත් ගෙන ඒම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට දඬුවම් කිරිමට දක්වන උනන්දුවම තවත් එවැනි පුද්ගලයකු බිහි වීම වළක්වා ගැනීමට ද දැක්විය යුතු යැයි පිවිතුරු හෙල උරුමයේ නායකයා ප්‍රකාශ කර තිබේ.


ලෙඩක් සුව කිරිමට වඩා එය වළක්වා ගැනීම වටිනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

“රුපියල් මිලියන සීයකට වැඩි මිල දී ගැනීමක දී ඒකට ඇමති මණ්ඩල අනුමැතිය ඕනි. ඒක ඇමති මණ්ඩලයට අවශ්‍ය තොරතුරු සහ නිර්දේශ ඉදිරිපත් කරන්නේ ඇමතිවරයා. ඖෂධ මිල දී ගැනීම් අනිවාර්යෙන්ම රුපියල් මිලියන සීයට වඩා වැඩි නිසා ඇමතිවරයා විසින් ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනි. ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇමතිවරයාගේ සම්බන්ධයක් තිබෙනවා. අනිත් පැත්තෙන් ඖෂධයක් ලංකාවේ භාවිතයට සුදුසු යැයි අනුමත කරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය තිබෙන්නෙත් ඇමතිවරයා යටතේ. සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නෙත් ඇමතිවරයා. මෙතැන පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් තිබෙනවා.”

අමාත්‍යවරයා පත් කරන නිලධාරින් ඔහුගේ බලපෑම මත ක්‍රියාකිරිමට පෙලඹිය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අනාගතයේ මෙවැනි තත්වයක් නිර්මාණය නොවීමට ඖෂධ නියාමන අධිකාරයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට ගෙන ඒම වැදගත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image