09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය හා උත්තර ලංකා සභාගය තීන්දුකර

ඇතැයි වාර්තාවේ.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පැවසුහ.

මේ අතර විපක්ෂනායකයා විසින් සමගි ජන බලවේගයේ පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් අද පෙරවරු 9.45 ට කැඳවා ඇති අතර එහිදී ජනාධිපතිවරයා අද  පාර්ලිමේන්තුව විවෘත කිරීමට සභාගැබට එන අවස්ථාවේදී අසුන්වලින් නැගිට යාමට තීන්දු කරනු ඇතැයි එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

කෙසේවුවද එවැනි තීරණයකට සජබ සන්ධානයේ අනෙකුත් සුළු පක්ෂ එතරම් කැමැත්තක් දක්වා නැතැයි ද වාර්තාවේ.

9 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (07) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සිදුකළේය.

ඒ අනුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 8 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

අදාළ උත්සවය සඳහා ආචාර පෙළපාලි, ආචාර වෙඩිමුර, පෙර ගමන් රථ යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

පෙරවරු 10.25ට මන්ත්‍රීවරුන් සභාවේ අසුන් ගැනීමට නියමිතය.

පෙරවරු 10.30ට ජනාධිපතිවරයා සභා ගර්භයට පිවිසෙන අතර පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ  සහ පාර්ලිමේන්තු රුස්වීම් කැඳවීමේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් සභාවට කියවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පෙබරවාර 8 වනදා පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසු එදින කටයුතු නිමාවීමට නියමිත බව සඳහන් ය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්