ඉන්දීය සංචාරයෙන් පසුව ඉන්දියානු ආයෝජන සඳහා ජනතා විමුක්ති පෙරමුණ සිය එකඟතාව පළ කරනු ඇති බවට නාමල් මන්ත්‍රීවරයා විශ්වාසය

පළ කර ති‍බේ.

පසුගිය සමයේ ජවිපෙ දැක්වු ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරටට ආයෝජන ගණනාවක් අහිමි වු බව කී මන්ත්‍රීවරයා සාම්පුර් බලාගාරය ඊට නිදසුනක් ලෙස සඳහන් කළේය.

පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන "සද් ජන රළ " රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම ඊයේ උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්වු අතර ඊට එක්වු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අතීතයේ දී ඉන්දියානු ව්‍යප්තවාදය ගැන ජවිපෙ අද වන විට ඉන්දියානු සංචාර ගැන උදම් අනමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

“ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ, අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. එනිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජන වලට එකගත්වය පල කරයි කියලා හිතනවා.”

මෙම රැස්වීම සදහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමේ, ජගත් සමරවික්‍රම, චින්තක මායාදුන්න යන මන්ත්‍රීවරුන් ඇතුලු පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්