බංකොලොත් ආර්ථිකය යථා තත්වය පත් කරන බවට පවසා බලය ලබා ගත් ජනාධිපති වික්‍රමසිංහ, විදේශ සංචාරවල නිරත වෙමින් ජීවිතය විඳිමින්

සිටින බවට විපක්ෂ මන්ත්‍රීවරයකු චෝදනා කර තිබේ.

ඊයේ (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ චෝදනා කර සිටියේ, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා ය.

රාජ්‍ය ආදායම වැඩි කරගන්න කිසිදු වැඩ පිළිවෙලක් නැති වත්මන් රජය බදු මත පදනම්  වුන සන්දර්භයක මිනිසුන්ගේ ජීවිතය විනාශකාරී තත්වයකට පත් කර ඇතැයි ද එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා සිටියේය.

“රාජ්‍ය ආදායම වැඩි කරගන්න කිසිදු වැඩ පිළිවෙලක් නැහැ. බදු මත පදනම් වුන සන්දර්භයක මිනිසුන්ගේ ජීවිතය විනාශකාරී තත්ත්වයකට පත් කරලා තියෙනවා, නමුත් ආර්ථිකය හදන්න ආපු ජනාධිපති විශ්ව සංචාර ගිහින් ජීවිතය විඳිනවා.”

රාජ්‍ය ආදායම කියන්නේ බදු නොවන බවත් බදු බර අඩු කර විදේශ ආයෝජනය ගෙන එන්න විශේෂ හැකියාවක් සහිත කණ්ඩායමක් අවශ්‍ය බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ආර්ථිකය නඟා සිටුවීමට පුළුල් ආර්ථික දැක්මක් තිබෙන, ආයෝජන අවස්ථා පුළුල් කරගත හැකි වැඩපිලිවෙළක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් තවදුරටත් කියා සිටියේය.

රට තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට හැකි වන්නේ දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමඟ සම්බන්ධතා තිබෙන ලෝකය සමඟ ගණුදෙනු කිරීමට හැකි කණ්ඩායමකට පමණක් බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි වැඩපිළිවෙළක් තිබෙන කණ්ඩායමක් බවත් ඒ වැඩපිළිවෙල තිබෙන්නේ සමගි ජන බලවේගය සතුව බව ජනතාව දන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පැවැසීය.

 වැඩිදුරටත් අදහස් දක්වමින් මරික්කාර් මන්ත්‍රීවරයා පැවැසුවේ , විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවට බලයේ රැඳි සිටීමට හැකි ආකාරයට මැතිවරණය කල්දමන, විධායක ජනාධිපතිධූරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහය ලබාදෙන්නේ නැති බවත්ය.

 
(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්