පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට හිටපු ජනපතිනි
චන්ද්‍රිකා බණ්ඩාරනායක සහාය දීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට හිටපු ජනපතිනියගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී කිසිඳු අපේක්ෂයකු හට සහාය දීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාර්යාලය නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
එමෙන්ම පොදුජන ඒක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගන්නා බවට වාර්තා පළ වුවත් ඒ සම්බන්ධයෙන් හිටපු ජනපතිනිය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ඒම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.