1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත්

කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ප්‍රසිද්ධ රැඟුම් සම්බන්ධයෙන් දැනට 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැඟම් ආඥා පනත ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිර්මාණ නිදහස පූර්ණ වශයෙන් සුරැකෙන පරිදි ලාංකික සමාජයට උචිත නීතිරීති හඳුන්වාදීම පිණිස නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි.

ඒ සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුදහෙට්ටි ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුවක් විසින් නව පනතක් සකස් කිරීම සඳහා පාදක කර ගැනීම පිණිස මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.



ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලය පිහිටුවන නව පනත් කෙටුම්පත, ඒ සඳහා පත්කළ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ජනාධිපති කාර්යාලයේදී බාරදෙනු ලැබිණි.


(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

සබැඳි පුවත් :


ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක්

වාරණ මණ්ඩලය අහෝසියි


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්