ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් සහ වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.


වාණිජමය කාර්යයන් සම්බන්ධයෙන් වන විෂය පථයට අදාළ කරුණු නීති විෂය තුළ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කරන බව රජය පවසයි.

එවැනි කරුණු සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී සැලකිය යුතු පිරිවැයක් දැරීමට සහ කාලයක් ගත කිරීමට ද සිදුවී ඇති අතර ඒ හේතුවෙන් වාණිජමය ආරවුල් සමථයකට පත් කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අහිතකර අන්දමින් බලපාන බවට රජය හඳුනාගෙන තිබේ.

රජය සඳහන් කළේ, එම තත්ත්වය රටක ව්‍යාපාර කරගෙන යාමේ හැකියාව දක්වන පෙළ ගැස්වීම (Ease of doing business) තුළ ශ්‍රී ලංකාව පහළ ස්ථානයක පැවතීමට ද හේතු වී ඇති බව ය.

මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් හඳුනාගනු ලබන අධිකරණවල සියලු කාර්යයන් හෝ නිශ්චිතව දක්වා ඇති වාර්තා සහ නීති කෘත්‍ය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවසර ලබා දීමේ විධානයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24(4) විධිවිධානය පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අධිකරණ විෂයභාර අමාත්‍යවරයා නිකුත් කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය හිමි විය.

(mawbima.lk- Anjali Withanage)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්