නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායකට එරෙහි නඩුව ජුනි 05 වැනි දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල ඊයේ (21) දින නියම කළේය.
පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් හා අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ ඡන්ද විමසීම හේතුවෙන් නඩු විභාගය වෙනත් දිනයක පවත්වන ලෙස නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර කළ ඉල්ලීමක් අනුව නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ බවට අමාත්‍යවරයාගේ සහෝදරිය කළ පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අමාත්‍යවරයාගේ වැඩිමල් සහෝදරියද අධිකරණයේ පෙනී සිටියාය.
අක්කා සහ මල්ලි අතර ඇති වූ සුළු ආරවුලක් වුවත් නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය අකමැති වීම හේතුවෙන් නඩු විභාගය ආරම්භ කර ඇති බවට පැවසේ.
(lankadeepa.lk -රෝෂන් තුෂාර)