ඉදිරි මැතිවරණයේ දී ආණ්ඩුව අනිවාර්යයෙන් පරාජයට පත් වන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අනාවැකි පළ කර තිබේ.
මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරන්නේ.
ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටින බවත් එවැනි අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබෙන බවයි ඔහු පවසන්නේ.
වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9 ක් පමණක් වුව ද පාර්ලිමේන්තුවේ සියයට 51 ක බලයක් ඔවුන් සතුය. එය සාධාරණ නොවන බව මන්ත්‍රීවරයාගේ අදහසයි.
මෙවැනි තත්වයක් තුළ ඉදිරි මැතිවරණයේදී වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජය වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක වැඩිදුරටත් අවධාරණය කරයි.