විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යළිත් වරක් දියත්කර තිබෙන උත්සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක්

ඉටුකිරීමක් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඇතැමුන් එල්ල කරන චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. 

විශේෂයෙන්ම රනිල් වීක්‍රමසිංහගෙන් ලබාගත් තාන්න මාන්නවලට හිලව් වශයෙන් දැන් ජනාධිපතිවරයාගේ මනදොල පිරවීමට උත්සහ කරන බවට චෝදනා කරමින් විපක්ෂනායකවරයා කර තිබෙන තමන්ගේ ධුරයට නොගැලපෙන ප්‍රකාශය පිළිබඳව දැඩිව කණගාටුවන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර සඳහන් කළේය. 

ඔහු එසේ ව්‍යංගයෙන් චෝදනා කරන්නේ සිය ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය පිළිබඳව නම්, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය රාජ්‍ය සම්මාන ලැබූ සියලු ශ්‍රී ලාංකිකයින්ට කරන අවමානයක් බවද "සරෝජ් සමග සංදේශය" නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ මහ ලේකම්වරයා පැවසීය. විපක්ෂනායකවරයාගේ පියා, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස විසින් පවා කරු ජයසූරිය වෙත රාජ්‍ය සම්මාන ප්‍රදානය කර තිබෙන බවත් ඔහු සිහිපත් කළේය. 

පාහියංගල ආනන්ද සාගර හිමි සහ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වෑයම දැඩි දෝෂදර්ශනයට ලක් කොට තිබුණි. විශේෂයෙන්ම වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා තිබුණේ, හිටපු කතානායක කරු ජයසූරිය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් අනතුරුව නාම මාත්‍රික ජනපති පදවියට පත්වීමට සිහින් දකිමින් සිටින බවකි.  

වසන්ත යාපා බණ්ඩාර යනු මෙවැනිම වූ 'සර්ව බලධාරී, නිර්භීත පාලකයෙකු' ගොඩ නැගීම පිණිස වියත්මග සංවිධානය ඔස්සේ ප්‍රබල දායකත්වයක් දුන් පුදගලයෙකු බව එයට ප්‍රතිචාර දක්වමින් පෙන්වා දෙන සුනිල් ජයසේකර, ඔවුන් එසේ නිර්මාණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට අත්කර දුන් ඉරණම ශ්‍රී ලංකාවාසීන්ට අමතක වී නැති බවත් සඳහන් කළේය.  

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රයත්නය කිසිසේත්ම මැතිවරණ කල් දැමීම සඳහා කෙරෙන උත්සහයක් නොවන බව පෙන්වා දුන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, කිසිදු මැතිවරණයක් කල් දැමීමේ ඕනෑම උත්සහයකට සිය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් අවධාරණය කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්