ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කරන්නැයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (26 වැනිදා) ප්‍රතික්ෂේප කළේ ය.

අධිකරණය හමුවේ මෙතෙක් සැකකරුවන් ලෙස නම්කර නොමැති දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට නොතිසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කරන ලද ඉල්ලීම දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන අයුරින් නොතිසි නිකුත් කිරීමට ගියහොත් ඉදිරියේදී පාරේ යන අයටත් නොතිසි නිකුත් කරන්න ඉල්ලීම් කරයි.’’ යනුවෙන් ප්‍රකාශ කළේය.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා විසින් කොරියානු රටට පුද්ගලයන් යවන බව පවසා රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙසට කරන ලද දැනුම්දීම නොසලකා හැරීම හේතුවෙන් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ට අධිකරණයෙන් නොතිසි නිකුත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

(aruna.lk - ඉෂාර රත්නකාර)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්