හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) රාත්‍රීයේ මියගිය බව පවුලේ ඥාතීන් පැවසීය.
1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබූ රොනී ද මැල් මියයන විට 99 වැනි වියෙහි පසුවිය.
ඔහු ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.
විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රොනී ද මැල් සිය මූලික උපාධිය උසස් ලෙස සමත් විය.
ඊට පසු ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රොනී ද මැල් උපාධිය හැදෑරීමෙන් පසු මෙරටට පැමිණ පරිපාලන සේවා විභාගයට ඉඳිරිපත් විය.
අතිදක්‍ෂ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටියද රොනී දේශපාලනයට අසීමිත ලෙස කැමැත්තක් දැක්වීය.
රොනී ද මැල් 1978 වර්ෂයේදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ එකම මුදල් අමාත්‍යවරයා ද රොනී ද මැල් වේ.
2005 වසරේදී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල් 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් ද අවසානයේ කටයුතු කළේය.
ඉන් අනතුරුව කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි තම පෞද්ගලික නිවසේ පදිංචිව සිට තිබේ.
ඔහුගේ බිරිද වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මල්ලිකා ද මැල් 2009 වර්ෂයේදී අභාවප්‍රපාප්ත විය.
රෝනී ද මැල් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.