තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ, රටේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා වන අරගලය නැවත ආරම්භ කරන බවත්,
ඒ සඳහා ජනතාව පෙළගැස්විය යුතු බවත් පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ප්‍රකාශ කර සිටියි.
තමන් මේ වන විට කැනඩාවේ පදිංචිව සිටින බවත් හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, තමන් මේ රට වෙනුවෙන් කර ඇත්තේ කුමන වරදක්දැයි තමන් නොදන්නා බවත්, සත්‍ය නොදැන තමන් වෙත අපවාද කරන්නේ ඇයි දැයි නොදන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ''ගුණෙ අයියගේ කාමරේ'' youtube නාලිකාව සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියේය.