ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින සෞඛ්‍ය

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ අද (04) විශේෂ රහස් ප්‍රකාශයක් ලබා දීමට නියමිත අතර ඒ  පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.

මෙයට හේතු වී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින කිහිපයක් මගහැර සිට පසුගිය සිකුරාදා පැය 09කට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබා දීම සිදු කළ පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විශේෂ රහසිගත ප්‍රකාශයක් කිරීමට ඇති බවය පැවසීමය.

ඒ පිළිබඳව අද (04) දිනමිණ පුවත්පත තම ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පල කර තිබෙන සිරස්තලය විශේෂ අවධානයක් යොමු කර පල කර ඇත.

එහි අනු සිරස්තලයක සඳහන් වන්නේ “ඖෂධ ගෙන්වීමට ඇමතිවරයා උපදෙස් දුන්නත් රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් සැක කරු ඒවා ඉටු කිරිමට බැඳී නෑ'' නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය උසාවිය හමුවේ කියයි.” යනුවෙනි.

මෙලෙස රහස් ප්‍රකාශයක් ලබා දීමේදී එය පිළිබඳව විශේෂ අවධානයක් සහ වගකීමක් සෞඛ්‍ය අතිරේක ලේකම්ටම පැවරෙන බව මහේස්ත්‍රාත්වරිය අවධාරණයෙන් දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ලබන 14 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද අධිකරණය මාර්තු 02 දා නියෝග කළේය.

ඒ, සැකකාර අතිරේක ලේකම්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.


(lankatruth.com)


සබැඳි පුවත් :

ප්‍රශ්න ගත එන්නත් සිද්ධිය: වෛද්‍ය සමන් රත්නායකත් රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් CID අත්අඩංගුවට


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්