කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු ස්ථානාධිපති අද (06) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
පැමිණිලි පාර්ශ්වයට තර්ජනය කිරීම සහ බළපෑම් කිරීමේ චෝදනාව හේතුවෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න විනිසුරුවරිය මෙම නියෝගය ලබාදී තිබේ.
සැකකාර සැකකාර හිටපු ස්ථානාධිපති එම නඩුව කැඳවූ පෙබරවාරි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීමද විශේෂත්වයකි.
ඊට පසුදින සැකකාර හිටපු ස්ථානාධිපති මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබුණි.
ඊට අදාළ නඩුව වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ අධීක්ෂණය යටතේ කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබයි.
එසේම සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මේ වනවිට පොලිස් කොමිසමේ නිර්දේශ යටතේ පෙබරවාරි මස 15 දින සිට වැඩ තහනමට ලක්කර ඇත.
(adaderana.lk)