ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.
ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය.
"පෙරවරුවේ ජනාධිපතිවරයාව මුණගැහිලා, මේ ආරම්භක හමුව පවත්වලා, ඔවුන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන්, අනෙකුත් ආයතන සමග සති දෙකක කාලයක් දීර්ඝව සමාලෝචනය සිදුකරයි. ඉතාම හොඳින් මේ සමාලෝචනය අවසන් කරාට පස්සේ, අපිට තුන්වන වාරිකය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන්න. එය ජූනි මාසයේ පමණ වෙද්දි ලබාගැනීමේ හැකියාවක් තියෙයි. නමුත් ඒ සඳහා සම්පුර්ණ කළ යුතු දීර්ඝ සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට තමා අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දි වාරික දෙකක් ලැබිලා තියෙනවා. පළමු වාරිකය ඩොලර් මිලියන 330ක් හා දෙවන වාරිකයක් ඩොලර් මිලියන 330ක් ලැබිලා තියෙනවා. තුන්වන වාරිකයත් එවැනිම මුදල් ප්‍රමාණයක්."
(adaderana.lk)