ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන, එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන රැළිය අද (10) පැවැත්වීමට නියමිතයි.


ඒ පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. 

පස්වරු 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී එය පැවැත්වීමට සැලසුම්කර ඇත.

මෙවර එහි තේමාව වන්නේ ''සැබෑව '' යන්නය.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.

 

රනිල් වික්‍රමසිංහ මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය සංවිධාන කරන බව ද පැවසිය. 

 

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී අකිල විරාජ් කාරියවසම්, අවසානයේ සියලු බලවේග එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.

කුලියාපිටියේ පැවැත්වෙන “සැබෑව”මහජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක, අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද සහභාගී වෙති.

සබැඳි පුවත් :
අකිලගෙන් රනිල්ට අලුත් නමක්

001

002

003

004

005

අකිලගෙන් රනිල්ට අලුත් නමක්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image