ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වන බවට ආණ්ඩුව විසින් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමේ

මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

මෙම අසත්‍ය ප්‍රචාරයන්වලට නොරැවටෙන ලෙසත්, ආණඩුව සමග හෝ ආණ්ඩුවේ පාර්ශවයක් සමග කිසිදු ලෙසකින්වත් එකතු වීමට සජබය කටයුතු නොකරන බවටයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ.

මෙසේ පුවත් ප්‍රචාරණය කරමින් ආණ්ඩුව බංකොලොත්භාවය වසා ගැනිමේ අසාර්ථක උත්සාහයක නියෙලෙන බවයි විපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්විමෙන් පසුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් පළමු වරට ජනහමුවක් පවත්වන දිනයේ ම සජබය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබිම විශේෂත්වයකි.

 
(චතුරංග මේදිස්)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image