ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් යාපනය, නෙල්ලිඅඩි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්

ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

මහ කොමසාරිස් සෙවිති සායි මුරලි මාර්තු 09 වැනිදා ගොස් ඇත්තේ සිසු සිසුවියෝ 600ක් පරිගණක භාෂා අධ්‍යාපන ආයතනය දැකබලා ගැනිමට ය.

යාපනය දිස්ත්‍රික්කයේ එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 9ක් ඇති අතර ඒවායින් නෙල්ලිඅඩි, උඩුපිට්ටි, නල්ලූර්, වඩුකෝට්ටෙයි සහ තෙල්ලිපලෙයි යන ශාඛාවන් දැනටමත් විවෘත කර ක්‍රියාත්මක වෙමින් පවතී.

මීට අමතරව වේලනයි, චාවකච්චේරි, කෝපායි සහ උඩුවිල් යන ශාඛා ඉදිකෙරෙමින් පවතින අතර ඒවා ද ඉතාම ඉක්මනින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එම ආයතනය පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ මෙම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන නවයම (09) පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරකසභා සභාපති, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ගේ "මයි ඩ්‍රීම් ඇකඩමි" වැඩසටහන සහ ඩීපී එඩියුකේෂන් එක්ව ය.

ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ සංකල්පයකට අනුව රට පුරා මධ්‍යස්ථාන ගණනාවක දී ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වේ.

(චතුරංග මේදිස්

 kljopxfdg


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image