ඕනෑම පක්ෂයක තුළ ඡන්දයක් පවත්වන්න කැමති පිරිස් මෙන්ම අකමැති පිරිස් ද සිටින බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)

නායකයකු
වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, එහෙත් ඒ පිළිබඳව අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව අවධාරණය කර සිටියි.

“ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ උන දෙයක් නෙවෙයි හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා කල් දැමුවා, ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා.”

ඔහු මේ බව ප්‍රකාශ කලේ, තංගල්ලේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

පක්ෂය ඇතුළේ වුවද පුද්ගලික මත පැවතිය හැකි මුත් කුමන මැතිවරණය ද පවත්වන්නේ යන්න පක්ෂ තීන්දු කළහොත් ඊට සියලු දෙනා සහාය දියයුතු බව ද ඔහු එහිදී අවධාරණය කළේය.


''මහමැතිවරණයෙන් සැබෑ ජනමතය බලන්න පුලුවන්''


මහමැතිවරණයක් පැවැත්විම හරහා රටේ සැබෑ ජනමතය දැනගැනිමට හැකි වනු ඇති බව ද මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව විසින් විසුරුවා හරින ලද පළාත් සභා මෙන්ම පළාත් පාලන ඡන්දය ද මේ දක්වා පවත්වා නැතිමුත් ඡන්ද නොපවත්වා සිටින නොහැකි බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ.

''මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා. මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා. පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන්, මැතිවරණ එපා කියන්න පුළුවන් , හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි. පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි ''නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්