මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිවෙස්වල සුරතලයට ඇති කරන සතුන්ට පවා බලපාන අතර තාප ආඝාතය (Heat Stroke) වැනි ජීවිත

අවදානම් රෝග පවා ඇතිවිය හැකි බව පශු වෛද්‍යවරු පෙන්වා දෙති.

අධික උෂ්ණත්වය බොහෝ සෙයින් නිවෙස්වල ඇති කරන බල්ලන්ට බලපාන බවත් මෙය එම සතුන්ගේ ජීවිතයට පවා හානිකර බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ආවරණය කරන ලද වාහනවල දහවල් කාලයේ සතුන් රැගෙන යාමෙන් වළකින ලෙසත්, මේ දිනවලදී බල්ලන් වැනි සතුන් සෙල්ලම් කරවීමෙන් වළකින ලෙසත් කිරිබත්ගොඩ ''පෙට් ප්ලස්'' සත්ත්ව රෝහලේ පශු වෛද්‍ය අරුණ චන්ද්‍රසිරිගෙන් කළ විමසීමේදී පැවසීය. යම් හෙයකින් එළිමහනේ ඇවිද්දවන්නේ නම් අලුයම පහට පමණ එය සිදුකිරීම සුදුසු බවද ඔහු පවසයි.

සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනපතා සතුන් නැහැවීම, ලෝම වැඩි සතුන් නම් දිනකට දෙතුන් වාරයක් පමණ නැහැවීම, ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලය පානය සඳහා ලබාදීම, දහවල් කාලයේදී අයිස් කැට ලබා දීම ආදිය කළ හැකිය.

එළිමහනේ සිටින විටදී යම් හෙයකින් සතකු ක්ලාන්ත වී ඇද වැටුණේ නම් පශු වෛද්‍යවරයකු වෙත සත්ත්වයා රැගෙන යනතුරු සීතල ජලයෙන් ඇඟ සේදීමෙන් ජීවිතය බේරාගත හැකි බවද වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි පෙන්වා දෙයි.

හරකුන් වැනි සතුන්ට ද අධික උෂ්ණත්වය බලපාන අතර තාප ආඝාතයට අමතරව සුදු පැහැයට හුරු සමක් සහිත සතුන්ගේ ශරීරයේ සම පිලිස්සීම වැනි රෝගී තත්ත්ව පවා ඇති විය හැකි අතර උන් සෑම විටම සෙවන සහිත ස්ථානවල බැඳ තැබීමට කටයුතු කළ හැකි බව පශු වෛද්‍යවරයා පෙන්වා දෙයි.

(aruna.lk - අනීෂා මානගේ)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්