කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා

සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු, තම වකුගඩුවක් රුපියල් ලක්ෂ පහළොවකට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරමින් සිටින බව  මනම්පිටියෙන් වාර්තාවේ. 

තම වකුකඩුව රුපියල් ලක්ෂ පහළොවකට ලබාදි  බිරිඳ වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර ගෙන්වා ගැනීමට මෙලෙස වකුගඩුව ලබාදීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර සිටින්නේ මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර යන තිදරු පියෙකි.

2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් ඇති අතර ඇය හදිසියේ එරටේ නිවසේ සේවය කරමින් සිටියදී ඇද වැටීම හේතුවෙන් මේ වනවිට වැඩකර ගැනීමට නොහැකි මට්ටමට ශරීරය දුබල වී ඇති බවද ඉෂාර සරත්චන්ද්‍ර සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත්, ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් අවශ්‍ය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළ බව ඉෂාර සරච්චන්ද්‍ර පැවසීය.


lankadeepa1

විදේශගතව සිටින සෙව්වන්දි මහේෂිකා ජයවීරට අවුරුදු 11 දැරියක, සහ අවුරුදු 9 සහ අවුරුදු 3 ක පිරිමි ළමුන් දෙදෙනකු සිටින අතර එම දරුවන් මේ වනවිට මහේෂිකා ජයවිරගේ මව වන 49 වියති එම්.එච්. ධම්මිකා විජේසිංහ මහත්මියගේ තුරුලේ හැඩි හැදී වැඩෙන්නේය. 

මෙම සම්බන්ධයෙන් විදේශවා නියුක්ති කාර්යාංශයේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්.එම්. සුනිල් ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි මෙසේ සඳහන් කළේය. 

''සෙව්වන්දිගේ ස්වාමියා වන ඉෂාර පැමිණිලි කර ඇත්තේ බිරිඳ සේවය කරන ස්ථානය මාරු කර දෙන ලෙසයි, ඒ අනුව බිරිඳ විට වෙනත් නිවසකට මාරු කළා, ඇය රෝගී වී ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට අවශ්‍ය කටයුතු කරනවා.''

(lankadeepa.lk- නිමල් ජයරත්න) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image