ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන

මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වූහ.

මේ අනුව පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පත්වු රෝහිත අබේගුණවර්ධනට විරෝධය පළකරමින් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී  ඇති සාමාජිකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන්නේය.

පෙරේදා (18) දිනයේ කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් පළමුව ඉල්ලා අස්වූයේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යි.

අනතුරුව ඊයේ (19) දිනයේ දී නිදහස් ජනතා සභාවේ මහාචාර්ය චරිත හේරත්, සමගි ජන බලවේගයේ එස්. එම්. මරික්කාර්, එම පක්ෂයේ නලින් බණ්ඩාර සහ හේෂා විතානගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, දෙමළ සන්ධානයේ ශානක්කියම් රාසමාණික්කම්, ජාතික නිදහස් සන්ධානයේ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. 

මේ සියලුම මන්ත්‍රීවරුන් සිය ඉල්ලා අස්වීම් කතානායකවරයා වෙත ලිඛිතව ඉදිරිපත්කර තිබිණ.

 Hon. Dumi Cope letter page 0001

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක ගේ ඉල්ලා අසිවීමේ ලිපිය 

 

රෝහිත පත්වුණේ වැඩි ඡන්දයෙන් !

පොහොට්ටු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරි පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහාය.

මෙහිදී සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ ගේ නම් යෝජනා විය.

රෝහිත අබේගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් ස්ථිර කර තිබිනි.

එසේම මන්ත්‍රී ගාමිණි වලේබොඩ ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විසින් ස්ථිර කරන ලදී.   

පැවති ඡන්ද විමසීමේදී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු රැස්වීම මාර්තු 07 වැනිදා පැවැත්විනි.

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මුල්‍ය චෝදනා මෙන්ම දුෂණ සම්බන්ධ අපකීර්තිමත් ගර්හාත්මක පිළිගැනීමක් සහිත පුද්ගලයකු බවට විපක්ෂය චෝදනා කරති. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image