ජන අරගල ව්‍යාපාරය ඊයේ (මාර්තු 20) කොළඹ දී කළ විරෝධතාවක දී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

 

ඒ අවස්ථාවේ දී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ආණ්ඩුවේ මර්දනය සහ රටේ පවතින ගැටලු ගැන සඳහන් කරමින් පැවති මේ විරෝධතාවයේ දී ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනයට ලක්විය.

විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වේ.

මෙම විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ අසල සිට ආරම්භවී පිටකොටුව දෙසට ගමන් කරන අතරතුරදී කොටුව දුම්රිය පොළ අසලදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.

මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබේ. 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image