ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා කීය.
ඇමති ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට ඊයේ (20) දින සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමති ප්‍රසන්න රණතුංග ලබා දුන් පිළිතුරු මෙසේය
ප්‍රශ්නය -
මොකක්ද අද තත්ත්වය?
පිළිතුර -
හොඳ මට්ටමේ යනවා.
ප්‍රශ්නය -
ඔබතුමා කගේ පැත්තෙද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තෙද? පොහොට්ටුවේද?
පිළිතුර -
ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්කනේ. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ.
ප්‍රශ්නය -
ඊළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් කරන්නේ එතුමා ද?
පිළිතුර -
ඒක පක්ෂය තීන්දු කරනවා ඉස්සරහට.
ප්‍රශ්නය -
තීන්දුව අරගෙනද තියෙන්නේ.
පිළිතුර -
ඉස්සරහට ගන්නවා.
ප්‍රශ්නය -
ජනාධිපතිතුමා කියලද තීන්දුව ගන්නේ?
පිළිතුර -
පක්ෂය තීන්දුව ගත්තම දැන ගන්න ලැබෙයි.
(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)