ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කර නිද්‍රාශීලීව සිටි ආණ්ඩුව අවදි කළේ

සමගි ජන බලවේගය බවට රටම දන්නා බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කරන ලෙසට පවා රජයට බලකර සිටි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

දිගින් දිගටම සමගි ජන බලවේගය පරාටේ නීතියෙන් සිදුවන අහිතකර බලපෑම ගැන රජය දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය 2024 පෙබරවාරි 24 පරාටේ නීතිය සංශෝධනය කරන්න කටයුතු කළ බවද ඔහු ඊයේ (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒ යෝජනාව කඩිනම් කිරීමේ අවශ්‍යතාවක් තිබුණා නම් එදිනම එය ස්ථිර කිරීමේ හැකියාවක් තිබු නමුත් කැබිනට්ටුව එය සිදු නොකළ බවත් මීට පෙර පවා එවැනි දේවල් සිදු කර ඇති වුවත් එවැන්නක් සිදු නොකර පෙබරවාරි 27 වැනිදා නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කළේ මාර්තු 13 වැනිදා බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක වන විට බැංකු පද්ධතියට අත නොතැබිම ගැන පක්ෂ වුවද රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයකට පිට්පොකට් ගසා ගජමිතුරු ධනවාදයේ සුපිරි ධනවතුන් කෝටි ප්‍රකෝටිපතියන් බේරීමට විරුද්ධ බව හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවත් රටත් මංමුලා කරමින් ශෙහාන් සේමසිංහ ඇමැතිවරයා කටයුතු කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image