අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධව අධිකරණ, බන්ධනාගාර කටයුතු

හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කර තිබේ.

“අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ පසුගිය කාලයේ කාර්ය සාධනය ගැන සතුටු වෙන්න බැහැ. මා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් පසු විමර්ශන දත්ත පරීක්ෂා කළා. විමර්ශන සිදු කර තිබුණේ පැමිණිලි 62 ක පමණයි. එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අපි කාර්යාලයට උපදෙස් ලබා දුන්නා.”


විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා අවධාරණය කරන්නේ අතුරුදහන් වු තැනැත්තන් නොසිටියත් එම පුද්ගලයාට සිදුවු දෙය දැන ගැනීමට ඥාතීන්ට අයිතියක් ඇති බවයි.


අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් සංවිධානය කරන ලද අදාළ පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කර මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව සදහා අද (21) අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“පසුගිය දශක හතරක පහක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද අප අත්විඳින ලද ඉතා අවාසනාවන්ත අත්දැකීම් වලින් පසුව 1971 කැරැල්ලේදී 12,000 ක් පමණ මිය ගියා. 1989 ජේ.වී.පී. විසින් ඇති කළ භීෂණ තත්වය හේතුවෙන් දකුණේ 60,000 ක් ඝාතනයක වුණා. කොටි ත්‍රස්තවාදී යුද්ධය දශක තුනක් පැවතුනා. ඒ හේතුවෙන් මරණ 60,000 ක් සිදු වුණා. අපේ වගේ පුංචි රටක ඒක දරාගන්නට බැහැ.”

එම කාර්යාලය තුළ මේ වන විට පවතින පැමිණිලි 14,700 න් පැමිණිලි 5600 ක පමණ විමර්ශන සිදු කර ඇති බව කී ඇමැතිවරයා ඒ පිලිබඳව සිය සතුට පළ කළේය.

එහෙත් ඒ පිළිබඳව සෑහිමකට පත් විය නොහැකි බැවින් 2025 දෙසැම්බර් 31 විට ලැබී ඇති සියලු පැමිණිලි පිළිබදව විමර්ශන අවසන් කළ යුතු බවට කාල රාමුවක් සකස් කළ බව ද සඳහන් කළේය.

විමර්ශනය සිදු කරන ලද පැමිණිලිවලින්  සැලකිය යුතු ලිපිගොනු ප්‍රමාණයක් හෝ හානිපූර්ණ කාර්යාලය වෙත යොමු කර ඇති බව ද විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පැවසීය.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබද විමර්ශන කිරීමේ ක්‍රමවේදවල භාවිතයන් ඒ සදහා පවතින අභියෝග සහ විමර්ශන සිදු කිරීමේ නව ක්‍රමවේද පිළිබදව අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයින් සහ ප්‍රවීණයන් දැනුවත් කිරීම, අදහස් හුවමාරු කිරීම මෙහිදී සිදු විය.

රට පුරාම ජාතික සංහිදියා කමිටු

ජාතීන් අතර ගැටුම් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින් ජාතික එකමුතු හා සංහිඳියා කාර්යාලය ආයතනයක් වශයෙන් ස්ථාපිත කළ බවයි ඇමැතිවරයා පවසන්නේ.

රට පුරා ග්‍රාම සේවා වසම් 14,000 ම ආවරණය වන පරිදි ජාතික සංහිදියා කමිටු ස්ථාපිත කිරීම ආරම්භ කළ බවත් දැනටමත් ග්‍රාමසේවා වසම් 11,000 ක එම කමිටු පිහිටුවා අවසන් බව කියා සිටියේය.

“අපේ ඉලක්කය විය යුත්තේ කිසියම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීම හෝ රට තුළ පුද්ගලයන් අතුරුදහන් වීම වැළැක්වීමයි.” අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති නීතිඥ, මහේෂ් කටුලන්ද, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක ජේ.තත්පරන්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ Ynske Vandrmael මෙහිදී අදහස් පළ කළේය.

(චතුරංග මේදිස්)

 lhxldf
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image