ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී විනාශකාරී බලවේග ක්‍රියාත්මක වී ජාතිවාදි කෝලහාලයක් ඇති විය හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ

නායකයා අනතුරු අඟවා තිබේ.

එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය ද එවැනි බලවේගයක ක්‍රියාවක් විය හැකි බව පවසන මන්ත්‍රීවරයා පාස්කූ ප්‍රහාරය සම්බන්ධ නිවැරදි තත්වය සෙවීම ද රජයේ වගකීමක් බවයි පෙන්වා දෙන්නේ.

වසර 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කරමින් මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය කර තිබු බවත් ඔවුන් බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට ක්‍රියා කළ බවත් මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වු බවයි ඔහු සිහිපත් කරන්නේ.


රට සංවර්ධන කළ හැකි විශ්වසනීය පුද්ගලයෙකු බලයට පත් කළ යුතුයි


ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත්, ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යයෙන් පැවැත්වෙන බවත් එහිදී ජනතාව රට සංවර්ධන කළ හැකි විශ්වසනීය පුද්ගලයෙකු බලයට පත් කළ යුතු බවයි  මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරන්නේ.

එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම කරුණු පැවසු අතර පක්ෂයේ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුසිත හේවගේ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ සඳහන් කළේය. 




“ඉන්දියාවේ විදේශ ඇමතිතුමා එතුමාගේ කලින් විදේශ ලේකම් ජයශංඛර් මැතිතුමා. මෝදි අගමැතිතුමා 2014 මහා මැතිවරණය ජයග්‍රහණය කරලා ඉන්දියාවේ අගමැති වුණා. ඉන්දියාවේ අගමැති වුනහම එතුමාට ඇමරිකා එක්සත් ජනපදයට යන්න ඊට කලින් වීසා එක දුන්නේ නෑ. යුධ අපරාධකාරයෙක්, පැසිස්ට්වාදියෙක් කියලා. එතුමා ගියා ඇමරිකා එක්සත් ජනපදයට. ගිහිල්ලා එකේ ඉන්දියානුවන්ට කියලා මහා ජන හමුවක්; ඒ ජන හමුව පවත්වන්න කලින් මෝදි අගමැතිතුමා ජය්ශංඛර් මහත්තයාට උපදේශයක් තිබුණා. මොකක්ද?

 අපේ මේ ඉන්දියානුවන් කෝටි තුනක් අද ලෝකය පුරා ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයෙ ඉන්නවා. මේ අය හැමෝගෙන්ම අපේ රට ඇතුලේ ආයෝජන බීජ වපුරන්න ඕනේ. රැකියා බීජ වපුරන්න ඕනේ. ඒ නිසා මට අවශ්‍යයි සෑම කෙනෙක්ගේම තොරතුරු. ඒ අය සෑම කෙනෙකුටම මේ ජයග්‍රහණ ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ඔබේ විදේශ අමාත්‍යාංශය විසින් සකස් කළ යුතුයි කියලා. ඒ අනුව අද මොකද වෙන්නේ? කේරළයේ ඉන්න තාක්ෂණ සේවා සපයන ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරිකයා කේරළයේ රැකියා හත් අටදාහක් ඇති කරනවා. තමිල්නාඩුවේ, ගූගල් එකේ ප්‍රධානියාත් තමිල්නාඩුවේ ඉංජිනේරුවෙක්. එයා 7000 ක් තමිල්නාඩුවෙන් හදනවා නව තාක්ෂණ සේවාවන්. මේ අයි ෆෝන් එක දැන් තමිල්නාඩුවේ හදනවා. තමිල්නාඩුව මතකද මෝඩි මහත්තයට විරුද්ධයි. තමිල්නාඩුවේ මහ ඇමති, මෝඩි මහත්තයත් එක්ක නැහැ. හැබැයි තාක්ෂණයෙන් ඒ තමිල්නාඩුව, කේරලය, කර්ණාටකය, අන්ද්‍ර ප්‍රදේශය නගිනවා.

 

ලංකාවටත් නගින්න පුළුවන්. මොකද ලංකාව ඊට වඩා උගත් මිනිස්සු ඉන්න තැනක්. අපේ මේ හතළිස් දෙලක්ෂයක් පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, යුරෝපයේ, ජපානේ, කොරියාවේ ජීවත් වෙන ලාංකිකයන්ටයි අපි හොයලා කියනවද? අර සමහරු කියනවා වගේ වැඩියෙන් ඩොලර් පන්සීයක් එවන්නේ නැහැ. අපි මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුප නවත්තනවා. ඕගොල්ලෝ අපිට පන්සීයක් එවන්න.. ඒක නෙමෙයි අවශ්‍යතාව. අපේ රට තුළ තාක්ෂණ සේවා සපයන රැකියා දහයක් ඇති කරන්න පුළුවන්ද? සීයක් ඇති කරන්න පුළුවන්ද? දාහක් ඇති කරන්න පුළුවන්ද? 



ඒ වගේම අපේ රට ඇතුලේ අලුත් තාක්ෂණ ක්‍රියාවලීන් ගොඩනගන්න ඒ අයගේ සම්පත් දායකත්වය කොහොමද ලබාගන්නේ කියන එකට අපිට වැඩපිළිවෙලක්. එදා 2014 ආරම්භ කරපු ඉන්දියාවේ ගමන කෙළවර වෙලා තියෙන්නේ අද කොහොමද? ට්‍රිලියන හතරක දැවැන්ත ආර්ථිකයක් ඉන්දියාවේ නිර්මාණය වෙනවා. කාවවත් ගණන් ගන්නේ නැති හැමෝම පිළිගන්න තාක්ෂණ බලයක් බවට පත්වෙනවා. මතක තියාගන්න යෝධ ඉන්දියාවට කෝටි තුනයි පිටරට ඉන්නේ. අපිට හතළිස් ලක්ෂයක් ඉන්නවා පිටරට. ඒ හතළිස් ලක්ෂය අපි පාවිච්චි කරනවා නං, රට මෙතනින් ඩොලර් උත්පාදනය කරන මැෂිමක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල අපි මෙතන යෝජනා කරනවා.”

 
(චතුරංග මේදිස්)
 

champika
 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්