අද දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති - මහින්ද අමරවීර ජාතික සංවිධායක - දුමින්ද දිසානායක

 භාණ්ඩාගාරික - ලසන්ත අලගියවන්න එම තනතුරු වලින් ඉවත් කර තිබේ.

මෙම යෝජනාව පක්ෂ සභාපති මෛත්‍රිපාලය සිරිසේන විසින් සිදු කර ඇති අතර විධායක සභාවේ සියලු දෙනා එම යෝජනාව ඒකමතිකව ස්ථිර කරන ලද බව ද වාර්තා වෙයි.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ජාතික සංවිධායක ධූරයට මහියංගණය ආසන සංවිධායක ගුණවර්ධන , භාණ්ඩාගාරික ධූරයට හෙක්ටර් බෙත්මගේ, ජේෂ්ඨ උපසභාපති ධුරයට සරත් ඒකනායක ද පත් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්