“අපේ රජය පරදින්න ප්‍රධානම හේතුවක් වුණු, ඒවගේම ගෝඨාභය වගේ බූරුවෙක්ව මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ රැල්ලක්
හදපු, මේ ප්‍රශ්ණයේ කෙළවර හොයාගන්න ඕන.” යැයි එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාර මාලාවේ මහාමලකරුවන් සොයා නොගැනීම පිළිබඳව ජනතාව තුළ විශාල සැකයක් පවතින මන්ත්‍රීවරයා අද (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් පිලිබඳව පාස්කු ප්‍රහාරයට කලින් ඔහු දැනගෙන හිටියා නං මේ රටේ සේනාධිනායකයා විදිහට, එය වළක්වා ගැනීම ඔහුගේ වගකීමක් බවත් පාස්කු ප්‍රහාරයෙන් පසුව දැනගත්තා නම්, එය සිදුකළ අයට නීතිය මඟින් දඬුවම් ලබා දීම ඔහුගේ වගකීමක් බව මන්ත්‍රීවරයා පවසයි.
“ඔහු කියන දෙය විහිළුවක් නෙමෙයි නම්, මොකද නඩු ගණනාවක් තියෙනවා, සල්ලි ගෙවන්න තියෙනවා මානසික ආතතිය ඇතිවෙනවා. එහෙම කියන දෙයක්ද අපි දන්නේ නෑ. හැබැයි ඔහු කියන දේ හරි නම්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දුන්නා වගේම, එක දවසක් අධිකරණයට ගිහිල්ලා කට උත්තරයක් දෙන්න බැරි අමාරුව මොකක්ද?”
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට සිය විරෝධය පළ කළ එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා මැරුණු අයට වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කිරීමේ වගකීම ඔහු සතුව ඇතැයි වැඩිදුරටත් අවධාරණය කළේය.