අලුත් අවුරුදු සමයේ රජයේ නිවාඩු දිනයන්හි පවා ජනතා සේවයට ප්‍රමුඛත්වයට ලබා දෙන රාජ්‍ය ආයතනවලට හිටපු කතානායක

කරූ ජයසුරිය සිය ප්‍රනාමය පුද කර තිබේ.

අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද තැපැල් දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා රේගුව ද අවුරුදු තෑගි නොපමාව ලබා දීමට කටයුතු කළ බවට මාධ්‍ය මගින් දුටු බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

“මෙම ආයතන දෙක ගෙන ඇති පියවර මහජන සේවා සපයන අනෙකුත් ආයතනවලට ද මහඟු ආදර්ශයක් සේ සලකමු. විශේෂයෙන්ම මෙවැනි උත්සව සමයක ගමනාගමන, සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය පාරිභෝගික සේවා සපයන ආයතනයන්හි කැපවීම ඉතා වැදගත් කොට සැලකිය යුතුය.”

මෙවැනි පියවර අවසාන වශයෙන් රටේ මහජන සුබසෙත උදෙසා වනු ඇති බවට විශ්වාසය පළ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරූ ජයසූරිය,  ඒ සඳහා කැපවන සියල්ලන් වෙත ස්තුතිය පුදා කර ඇත.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්