ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වූ රොහාන් පෙරේරා හදිසි හෘදයාබාධයකින් අද (12) දහවල් මියගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.

රොහාන් පෙරේරා හෘදයාබාධයකින් මිය ගියා කියල අහන්න ලැබුන. ඒක මාව කම්පනය කරන ප්‍රවෘත්තියක්. රොහාන් පෙරේරා කියන්නෙ එක යුගයක පුරෝගාමී චරිතයක්. ඒත් රොහාන් හැමතිස්සෙම හිටියෙ බිම්ගතව.

රොහාන් පෙරේරා මිය ගියා කිව්වම මට මතක් වුනේ මං රොහාන්ගෙ කියවපු මුල්ම ලිපිය. ආදරය සඳහා හෝර්ටන් තැන්න. ඒ ලියමනේ හෝර්ටන් තැන්නෙ මීදුමේ මට හැමදාම රොහාන් ගැන නොකියවුනු රොමාන්තික කතාවක් දැනුනා. මනෝ විශ්ලේෂණය, ස්ත්‍රීවාදය, ව්‍යූහවාදය සහ තවත් එකීනොකී න්‍යාය කතන්දර තොගයක් මැද වුනත් රොහාන් සහ හෝර්ටන් තැන්න අතර සම්බන්ධය තදට දැනුන.

රොහාන් කියන්නෙ එක එක අයට එක එක විදිහට මුනගැහුනු අමුතු චරිතයක්. රොහාන් ලියපු පිටක තුනක් තරම් ලොකු පොතක් ප්‍රින්ට් කරනවා නම් කවදා හරි ඒ රොහාන් පෙරේරා මැරුනු දවසක විය යුතුයි කියල කේ කේ සමන් කුමාර දේශනයකදි කිව්වා. ඒක තරහකින් කියපු කතාවක් නෙමෙයි. රොහාන්, දීප්ති, කේ.කේ කියන්නෙ එක යුගයක එකට වැඩකරපු, කවදා හරි සිද්ද වෙන විප්ලවයට ලෑස්ති වුනු චරිත තුනක්.

රොහාන්ට කවදාවත් මාව ප්‍රිය වුනේ නෑ. ඒත් රොහාන්ගෙ ඉගැන්වීම් වගේම, ඉගෙන ගන්න අයගෙ මනස් අවුල් කිරීම්වලටත් මං ප්‍රිය කළා. ලංකාවෙ ඒ වගේ චරිත හරි අඩුයි.

කොහොම හරි රොහාන් යන්න ගිහින්. රොහාන් වගේ මිනිස්සු නික්ම යා යුත්තේම හෘදයාබාධයකින් වගේ දේකින් තමයි. ඒ මිනිස්සු හරියට උල්කාපාත වගේ. ඈත බලන් ඉඳිද්දි මිනිස්සු දකින්නෙ දේවතා එළි වගේ. ඒත් ඇත්තටම ඒ එළිය විහිදෙන්නෙ බුර බුරා ඇතුලෙ ඇවිලෙන ගින්දරක් එක්ක.

උල්කාපාතයක්.. අහසේ ගිනි අරං
අළුවෙලා පොලොවට වැටෙන උල්කාපාතයක්...
රොහාන් පෙරේරා කියන කවුරුවත් හරියට නොදන්නා ගුප්ත සංචාරකයාට සුබ ගමන්.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්