තමා විසින් කළ ප්‍රකාශයක් සංස්කරණය කර අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා  මූල්‍ය වංචාවකට යොදා ගෙන ඇතැයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

සිය නිල ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර ඇත.

තමන් සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක ප්‍රවර්ධනය සඳහා හඬ කවා යොදාගෙන ඇති බව ඔහු එම X පණිවිඩයේ සඳහන් කර ඇත.

“මෙය මිනිසුන් රවටා මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් රූපවාහිනී නාලිකාවකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ ! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා”යැයි ඔහු නිල ‘X’ ගිණුමෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

klhsz

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්